Skip to main content

Featured

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට

ඩොලරයේ අගය රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළට  දෛනික විනිමය අනුපාතිකයට අනුව අමෙරිකා එක්සත්‌ ජනපද ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළ ගොස්‌ තිබෙනවා. ඒ අනුව මෙරට ප්‍රධානතම වාණජ බැංකු කිහිපයක්‌ සිය ඔවුන්ගේ වෙබ්‌ අඩවිවල ඩොලරයක විකුණුම්‌ මිල රැපියල්‌ 275 ක්‌ දක්වා ඉහළගොස්‌ ඇති බවට දක්වා තිබුණා. පසුගියදු මහ බැංකුව ඩොලරයට සාපේක්ෂව රැපියල වැඩි අගයකින්‌ පා කිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළ අතර ඒ හේතුවෙන්‌ ඩොලරයේ අගය 265 ක්‌ දක්වා ඊයේ (14) ඉහළ ගියා.   

16 සිසුවා රැගෙන තරුණ ගුරුවරිය 60 පාරක් හෝටලයට ගිහින්


 කොළඹ ප්‍රධාන පෙළේ පාසලක සිසුවකුට වසර 4 ක්‌ තිස්සේ ලිංගික අපයෝජන සිදුකළ එම විදුහලේම 324 හැවිරිදි විවාහක ගුරුවරියක්‌ සම්බන්ධයෙන්‌ කඩිනමින්‌ විමර්ශනයක්‌ පවත්වන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත්‌ ලෝචනී අබේවික්‍රම පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයට ඊයේ (10 වැනිදා) නියෝග කළාය. 


වාර්ෂික ක්‍රිකට්‌ තරගයකදී අදාළ ගුරුවරිය සහ එවකට 16 හැවිරිදි වියේ පසුවූ සිසුවා හඳුනාගෙන තිඛේ. ඉන්‌ අනතුරුව 'චට්ස්‌ඇප්‌' මාර්ගයෙන්‌ නිතරම දෙදෙනා කතාබස්‌ කර තිබෙන බව දන්වා සිටි පොලිසිය පාසලේ පරිගණක කාමරය තුළදී සහ විවිධ ස්ථාන රැසකදී ගුරුවරිය දරුවා ලිංගික කටයුතු සඳහා පොළඹවාගෙන අපයෝජන සිදුකර ඇතැයි ද දන්වා සිටියේය. 


මෙම ගුරුවරිය අදාළ දරුවා සමග ගල්කිස්සේ ප්‍රධාන හෝටලයකට 60 වතාවක්‌ පමණ ගොස්‌ තිබෙන බව අනාවරණය වී ඇතැයි දන්වා සිටි පොලිසිය එහිදී හෝටලයට ඇතුළුවීම සඳහා දී ඇත්තේ ගුරුවරියගේ ජාතික හැඳුනුම්පත බවද අධිකරණයට දන්වා සිටියේය. 


මේ වනවිට මෙම සිසුවාගේ වයස අවුරුදු 20 ක්‌ බව අනාවරණය විය. සැකකාර ගුරුවරිය ස සම්බන්ධයෙන්‌ විමර්ශන පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය පොලිසියට නියම කළාය. 


Comments